ඇය :- ඔයාට පෙනෙනවද අර ඈත පෙනෙන ක්සිතිජය.....
අපේ ජීවිතත් හරියට ඒ වගේ නේද.....
ඔයාට දැනෙනවද අර පෙනෙන මල හිරුගෙ වේදනාව.....
අර ඈත පෙනෙන ගිනි ගෙන දැවෙන හිරු.....
අනේ ඒ දුක කාටහරි දැනෙනවනම්.....
අපේ ජීවිතත් හරියට ඒ වගේ.....
අනේ මට අර ඈත පෙනෙන ක්සිතිජය එක්කරන්න පුලුවන්නම්.....
ඔහු :- කවදා හරි දවසක අර ඈත පෙනෙන ක්සිතිජය එකතු වේවි.....
එදාට අපේ ජීවිතත් එකට එකතු වේවි.....
ඒ මල හිරුගේ වේදනාව හිනාවක් වෙලා ඔයාට සතුටක් ගෙන දේවි.....
අර ඈත පෙනෙන ලස්සනම ලස්සන හිරු සදු හා යා වේවි.....
ඒ සතුට මට දැනෙන බව ඔයාට දැනේවි.....
එදාට අපේ ජීවිතත් හිරු සදු වගේ බැබලේවි.....
එතකොට අපිට පුලුවන් වේවි අර ඈත පෙනෙන ක්සිතිජය එක්කරන්න .....
සදහටම වෙන් නොවන්න.....
ඔබ සැමට ස්තූතියි :)
ඔබගේ අදහස්...... :)
මේ පාරෙන් නැවත එන්න......... :)
හිරු සදු හා යා වේවි..?
ReplyDeleteලස්සනයි සහෝ!
ජය!
හැමදේම හරියාවි.ඇත්ත හිරු සඳු එක්වෙන්න පුළුවන් ක්සිතිජය ළඟ විතරයි.ඒ ක්සිතිජය එක කරන්න පුළුවන් වේවි.කවදාහරි කවදාකම හරි.එතකන් දෙන්නම හිනාවෙලා ඉන්න. :)
ReplyDeleteහෑ...............
ReplyDeleteහිරු සඳු වගේ බබලන ආදරයක් . ලස්සනයි .
ReplyDeleteහිරු සඳු යා උනාම අපිට කෙල වෙනවානෙ :D
ReplyDeleteමේ දෙන්නා කවුරු උනත් මේ දෙන්නට හැමදාමත් එකට ඉන්න ලැබෙන්න ඕනේ !!! :D
ReplyDeleteනියමයි ප්‍රසා තව ලියන්න !! සුබපැතුම් !!
හ්ම්............
ReplyDeleteඅපූරුයි.....ඔයාගේ ආදරෙත් හිරු සඳු වගේම බැබලේවි. තව ලියන්න ලස්සන දෙවල්.
ReplyDeleteහෑ....?
ReplyDeleteප්‍රසාට මාර අදහස් තියෙනවනේ ඈ.. :)
සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
ඈ යකො, මේක පටන් ගත්ත ගමන් ඉවර උනානෙ!
ReplyDeleteහ්ම්ම්ම්ම්ම්ම්. ඒනම් ඒම වේවි.
ReplyDeleteවරක්
ReplyDeleteතව
එකම
එක වරක් ............
සිනා සෙන්නට
එක්ව හඩන්නට
ලැබුනොතින්
වරම්............
ලියමු
අපි කවක්
පොඩිම පොඩි
පැලක් ලග
නතර වී
ඉතින් ...........
සීමා මායිම් නැති ආදරේදී කවදාවත් එක් කරන්න බැරි අහස පොලව ක්ෂිතිජයේ එකතු වෙනවා. මට නම් හිතෙන්නේ ආදරවන්තයින් තමයි ක්ෂිතිජයට නමක් දෙන්න ඇත්තේ අහස පොලව වගේ ආදර කතාවල් සාධාරණීයකරණය කරන්න.
ReplyDelete"අර ඈත පෙනෙන ලස්සනම ලස්සන හිරු සදු හා යා වේවි.....
ReplyDeleteඒ සතුට මට දැනෙන බව ඔයාට දැනේවි....."
දෝරේ ගලන ආදරයක්....
ලස්සනම ලස්සන සිතුවිල්ලක් .........
:)
.
නියමයි අයියේ...ලස්සනයි.හිරු සදු වගේම කවදාවත්ම නොමියන නොමැකෙන ආදරයක්...
ReplyDeleteදිගටම ලියමු..
ජයෙන් ජය.....:)
එක් වෙන්නේ නැති හැමදෙයක්ම ඒක කරන්න හදන ආදරේ ගොඩක් වෙලාවට එක් වෙන්නේ නැත්තේ ඇයි කියලා හැමදාම මගේ හිතේ තිබුන ඒ පැනය මොහොතකට නැති උනා මේක කියවද්දී... හැබැයි මෙතනින් යද්දී ඒ පැනය එහෙමම අරගෙනයි යන්නේ ඕන්... ;)
ReplyDelete"ක්ෂිතිජයමද හැමදාම දෙහිතක් එක් කෙරුවේ
ඒ පරතරයම නේද ඒ හිත් වෙන් කෙරුවේ
දුර ළඟ වාගේ සුව ලබද්දී ආදරේ
ලං වෙන්නෑමයි ක්ෂිතිජය එක් නොවෙනා සේ..."
ඔන්න අදයි පනුච්චි මේ පැත්තේ ආවේ... දිගටම එන්නම්කෝ....
ක්ෂිතිජය කවදාවත් එකතු නොවුනත්...
ReplyDeleteආදරයෙන් පිරුණු හදවත් සැමදාම එකට ඉඳීවි...
ඇත්තම ඇත්ත ආදරයකට නොසිතන තරම් දේ කරන්න පුළුවන්ලු.....
ආදර විශ්වාස නොකරන්න
ReplyDeleteවිශ්වාස ආදරය කර ගන්න
ආදරය සදා කලික සිහිනයක් නොව
සදා කලික නවාතැන් පොලකි
ek wennata labewida ??? sadahatama wen nowannata...lassani...
ReplyDeleteහිරු සඳු වගෙ විශ්වාසයි අපෙ අවංක ආදරය, ගැඹුරු තෙරුම චාම් වචන වලින්. නියමයි ප්‍රසා :)
ReplyDeleteහිරු , සඳු කවදාවත් එකතු වෙන්නේ නෑ. ඒත් ඔබ දෙදෙනා එකතුවේවි.
ReplyDeleteලස්සන ආදරයක්!!!
සිතුවිලි වල වෙනස...
ReplyDelete