Saturday, September 8, 2012

ඔහුත් ඇයත්...



ඇය :-  ඔයාට පෙනෙනවද අර ඈත පෙනෙන ක්සිතිජය.....
           අපේ ජීවිතත් හරියට ඒ වගේ නේද.....
           ඔයාට දැනෙනවද අර පෙනෙන මල හිරුගෙ වේදනාව.....
           අර ඈත පෙනෙන ගිනි ගෙන දැවෙන හිරු.....
           අනේ ඒ දුක කාටහරි දැනෙනවනම්.....
           අපේ ජීවිතත් හරියට ඒ වගේ.....
           අනේ මට අර ඈත පෙනෙන ක්සිතිජය එක්කරන්න පුලුවන්නම්.....

 ඔහු :-  කවදා හරි දවසක අර ඈත පෙනෙන ක්සිතිජය එකතු වේවි.....
           එදාට අපේ ජීවිතත් එකට එකතු වේවි.....
           ඒ මල හිරුගේ වේදනාව හිනාවක් වෙලා ඔයාට සතුටක් ගෙන දේවි.....
           අර ඈත පෙනෙන ලස්සනම ලස්සන හිරු සදු හා යා වේවි.....
           ඒ සතුට මට දැනෙන බව ඔයාට දැනේවි.....
           එදාට අපේ ජීවිතත් හිරු සදු වගේ බැබලේවි.....
           එතකොට අපිට පුලුවන් වේවි අර ඈත පෙනෙන ක්සිතිජය එක්කරන්න .....
           සදහටම වෙන් නොවන්න..... 
                        
                                

ඔබ සැමට ස්තූතියි :)
ඔබගේ අදහස්...... :)

මේ පාරෙන් නැවත එන්න......... :)

Friday, August 3, 2012

ඔබත් මමත් රැයත් දහවලත්......




         ඔබ      නිදයි   
         මා        හිදියි
         රැය ගෙවෙයි
         හිරු නැගෙයි


         ඔබ      හිදියි
         මා       නිදයි
         තරු   දිලෙයි
         සදු  නැගෙයි

                     

                   හිරු     බසියි
                   සදු  නැගෙයි
                   තරු   දිලෙයි
                   එලිය    දෙයි


                   සදු      බසියි
                   තරු  නිවෙයි
                   රැය ගෙවෙයි
                   පහන්   වෙයි
                      .............
                        .........
                          .....
                           ...
                            .
                     
ඔබ සැමට ස්තූතියි :)
ඔබගේ අදහස්...... :)


මේ පාරෙන් නැවත එන්න......... :)